අගමැති ඉම්රාන්ට පැසැසුම්

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පසුගිය දා (27) එක්සත් ජාතීන්ගේ 74 වැනි මහා මණ්ඩල සැසියට සහභාගී වෙමින්, සැසිය අමතා කාශ්මීර මුස්ලිම් වැසියන් වෙනුවෙන් කතා කිරීම ඉන්දියාවට අයත් කාශ්මීරයේ මුස්ලිම් වැසියන්ගේ පැසැසුමට හේතුවක් වී ඇත.
ඉන්දීය පාලනයට නතු කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දීය රජය ගත් ක්‍රියා මාර්ගය වැරදි බවත්, ඉන්දු කාශ්මීරය සම්බන්ධ අර්බුදය ලේ විලකින් අවසන් වනු ඇති බවත්, ජාත්‍යන්තරය ඊට මැදිහත් වී විසඳුමක් ලබා දිය යුතු බවත් පාකිස්තාන අගමැතිවරයා මහා මණ්ඩල සැසියේදී පැහැදිලි කළේය.
අගමැති ඉම්රාන් ඛාන්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතුවේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමුළුව ඇමතීමෙන් පසුවය.
ඉන්දු කාශ්මීරය ලෙස සැලකෙන්නේ ජම්මු, කාශ්මීර් සහ ලඩාක් යන පළාත්ය. ජම්මු සහ කාශ්මීර් මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශය. ඉන්දීය රජය එරට ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය අහෝසි කිරීමේදී ඉන්දු කාශ්මීරයට ලබා දුන් විශේෂ බලතල ඉවත් කළේය.
ජනතා නොසන්සුන්තා ඇතිවීම වැළැක්වීමට ඉන්දු කාශ්මීර පළාත්වලට ඇඳිරි නීතිය පැනැවීමටත්, මුස්ලිම් දේශපාලනඥයන් සහ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමටත් පියවර ගත්තේය. දුරකතන සහ අන්තර්ජාල පහසුකම් සීමා කිරීමට ද කටයුතු කර තිබේ.
මාස දෙකකට වැඩි කාලයක් පුරා ඉන්දු කාශ්මීර වැසියන්ට පනවා ඇති තහංචි සම්බන්ධයෙන් පාකිස්තාන අගමැතිවරයා විරෝධය දැක්වීය. ‘ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර් පළාත්වල හමුදා භටයන් ලක්ෂ 9 ක් රඳවලා තිබෙනවා. ජනතාවට විරෝධයක් දක්වන්න බැහැ. අමු අමුවේ ඝාතනයක් සිදුවේවි. ලේ විලක් වේවි. ඉන්දීය රජය ඉන්දු කාශ්මීරයට ලබා දී තිබුණු බලතල අහෝසි කිරීම අනුමත කරන්න බැහැ’ යැයි අගමැති ඉම්රාන් පෙන්වා දුන්නේය.
පාකිස්තාන අගමැතිවරයාට පෙර මහා මණ්ඩල සැසිය ඇමැතූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කාශ්මීර අර්බුදය ගැන හෝ කාශ්මීරයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය ගැන හෝ කිසිවක් නොකීවේය.
කාබුල්හිදීය (ඒ.එෆ්.පී.)

