ඇමෙරිකාවේ වේල්ලක් කැඩී යෑමේ අවදානමක්



ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඔරෝවිල් නුවරට නුදුරින් ඉදිකර ඇත ‘ඔරෝවිල් වේල්ල’ කැඩීයෑමේ අවදානමක් හටගෙන ඇති බැවින් වේල්ල අවට පදිංචිකරුවන් ලක්ෂ ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු කටයුතු කළහ. 

මෙම වේල්ල ඉරි තැලීමට ලක්වූයේ පසුගිය සති අන්තයේය. ‘ඔරෝවිල් වේල්ල’ ඇමෙරිකාවේ උසම වේල්ල ලෙස ද සැලකෙයි.

මෙය විවෘත කළේ 1968 වසරේ දීය. ප්‍රමාණය ඉක්මවා ජලය පිරී යෑම, වේල්ල ඉරි තැලීමට හේතුවක් වී ඇතැයි බලධාරීහු පවසති.

මේවනවිට වාන් දොරටු විවෘත කිරීමට කටයුතු යොදා ඇති නමුත් අධික ජල ප්‍රමාණය හේතුවෙන් වේල්ල දිගින් දිගටම ඉරි තැලී යමින් පවතින බව බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති. 1968 වසරේ විවෘත කිරීමෙන් පසු වේල්ලට අයත් හදිසි වාන් දොරටු විවර කළ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

ඉදිරි පැය කිහිපයේදී වේල්ල කැඩී යනු ඇති බවත්, එයින් ඔරෝවිල් නගරය පමණක් නොව, නුදුරින් පිහිටා ඇති ග්‍රිඞ්ලි, ලයිව් ඕක්, මේරිස්විල්, වීට්යාඞ් ආදී නගර රැසක් ද විනාශවීමේ අවදානමක් ඇතැයි බලධාරීහු අනතුරු අඟවා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS