සුරතල් සතුන් ආනයනය තහනම්

කුවේටය වාණිජමය වශයෙන් සුරතල් සතුන් ආනයනය කිරීම තහනම් කර ඇති බව වාර්තා වේ.
අයාලයේ යන සතුන් (සුනඛයින් සහ බළලුන්) වැඩිවීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට කෘෂිකර්ම කටයුතු සහ මත්ස්‍ය සම්පත් සඳහා වන මහජන අධිකාරිය කටයුතු කර ඇත.
ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමට සහ පාරිසරික සමතුලිතතාවය පවත්වා ගෙන යෑම සඳහා මෙම පියවර ගෙන ඇති අතර, සෑම පුරවැසියෙකුටම පුද්ගලිකව වසරකට එක් සුනඛයෙකු පමණක් ආනයනය කිරීමට අධිකාරිය අවසර ලබාදී ඇත.
කෘෂිකර්ම කටයුතු සහ මත්ස්‍ය සම්පත් සඳහා වන මහජන අධිකාරිය වර්ග මීටර් 10,000 ක භූමි ප්‍රමාණයක අයාලේ යන සුනඛයින් සඳහා නවාතැනක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කරයි.
ආනයනික සුරතල් සතුන් විකිණීමද තහනම් කර ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

