මැලේසියානු රජු සමඟ සාකච්ඡා

එමිරේට්ස් ජනාධිපතිවරයා මැලේසියානු රජු සමඟ සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.
මැලේසියානු රජු වන සුල්තාන් ඉබ්‍රාහිම් ඉබ්නි අල්මර්හුම් සුල්තාන් ඉස්කන්දාර් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වන අතරතුර එමිරේට්ස් ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් හමු වී සකච්ඡා පවත් වා ඇත.
දෙරටේ සංවර්ධනය මෙන්ම විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාවය වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කර ඇත.
මෙම රැස්වීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගණනාවක් සහභාගී වූහ.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(DGNOnline - ඩුබායි නුවර)

