ප්‍රහාර සීමා කරන්න - ට්‍රම්ප්

ඉරානයේ ගෑස් නිධි සහ ගෑස් බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමෙන් වළකින්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (19) ඊශ්‍රායලයට අණ කළේය.
ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ ඊශ්‍රායලයට මෙසේ අණ දුන්නේ, ඊශ්‍රායලය ඉරානයේ ගෑස් බලාගාරවලට එල්ල කළ ප්‍රහාරයකින් පසු ඉරානය ඊට ප්‍රතිචාර දක්වමින් කටාර් රාජයයේ විශාලතම ගෑස් බලාගාරය ලෙස සැලකෙන රාස් ලෆාන් කාර්මික නගරයට මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවය.
ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් රාස් ලෆාන් කාර්මික නගරයට දරුණු ලෙස හානි සිදුවිය. ප්‍රහාරයත් සමග ගින්නක් ද හට ගත්තේය.
ප්‍රහාරයෙන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු අතර, ගන්න නිවා දැමීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව පැවැසෙයි. ඉරානය එල්ල කළ මෙම ප්‍රහාරය කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩි ලෙස හෙළා දැක ඇතැයි ද පැවැසෙයි.
ලොව විශාලතම එල්.එන්.ජී. ගෑස් නිෂ්පාදකයා වන කටාර් හි එනර්ජි ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඉරාන ප්‍රහාරයෙන් පසු රාස් ලෆාන් පරිශ්‍රයේ සිටි සියලුම සේවකයන් ආරක්ෂිත බවය.
‘කටාරය ඇමෙරිකාවේ අවංක මිතුරෙක්. මේ ගැටුමේ දී කටාරය අහිංසකයි. ඉරානය කටාරයේ රාස් ලෆාන් කාර්මික නගරයට පහර දීම මා කිසිසේත් අනුමත කරන්නේ නැහැ. කෙසේ නමුත් රාස් ලෆාන් කාර්මික නගරයට පහර දීමට ඉරානය පෙළඹුණේ ඊශ්‍රායලය ඉරානයේ ගෑස් බලාගාර ඉලක්ක කර ගත් නිසයි. ඒ නිසා මා ඊශ්‍රායලයට අණ දුන්නා ඉරානයේ ගෑස් බලාගාරවලට පහර නොදෙන ලෙස’ යැයි ට්‍රම්ප් පවසා ඇත.
තමන් දුන් උපෙදස් ඊශ්‍රායලය පිළිපදිනු ඇති බවත් ඉරානය ද අසල්වැසි ‘අහිංසක’ රටවලට ප්‍රහාර එල්ල කිරීම නවත්වන් ඇති බවත් තමන් විශ්වාස කරන බව ද ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් වැඩි දුරටත් මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇත.

