‘බසීජ්’ බලකායේ ප්‍රධානියා මරා දමයි

ඉරාන විප්ලවීය හමුදාවට අයත්, අතිරේක බලඇණියක් ලෙස සැලකෙන, ‘බසීජ්’ බලඇණියේ ප්‍රධානී ගොලම්රේසා සුලෙයිමානි මෙරා දැමූ බව ඊශ්‍රායලය පැවැසීය.
මේ සම්බන්ධයෙන් ඉරානය කිසිවක් පවසා නැත. ඊශ්‍රායලය පවසා ඇත්තේ, බුද්ධි තොරතුරු අනුව, තෙහෙරානයේ ගොලම්රේසා සුලෙයිමානි ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළ බවත්, එම මිසයිල සාර්ථකව ඉල්ක්කයට ළගා වූ බවත්ය.
ඉරානයේ ‘බසීජ්’ බලඇණියේ ප්‍රධානී ගොලම්රේසා සුලෙයිමානි ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කර ඇත්තේ, ඔවුන්ගේ එක්ස් ගිණුමේ සටහනක් තබමිනි.
පසුගිය වසර හය පුරා බසීජ් ඒකකයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ ගොලම්රේසා සුලෙයිමානි, ඉරානයේ අභ්‍යන්තර ආරක්ෂාව මෙන්ම කලාපීය මෙහෙයුම් සම්බන්ධයෙන්ද තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ අයකු බව පැවැසෙයි.

