දෙපාර්ශ්වයේම මූලික කොන්දේසි



ඊශ්‍රායලය සහ ඉරානය අතර සෘජු සාකච්ඡා ආරම්භ කිරීමට පෙර දෙපාර්ශවයම එකඟ වූ මූලික කොන්දේසි දෙකක් ඉටු විය යුතු බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගලිබාෆ් පෙන්වා දෙයි.

පළමුව ලෙබනනය තුළ ක්‍රියාත්මක වන යුධමය ගැටුම් වහාම නවත්වා ස්ථිර සටන් විරාමයක් ස්ථාපිත කිරීම මෙන්ම, ජාත්‍යන්තර බැංකු පද්ධතිය තුළ දැනට අත්හිටුවා ඇති ඉරානයට අයත් වත්කම්, සාකච්ඡා ආරම්භ කිරීමට පෙර නිදහස් කිරීම යන කරුණු ඉටුවිය යුතුබව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

එම කොන්දේසි ඉටු නොකර සාකච්ඡා මේසයට පැමිණීමට ඉරානය සූදානම් නොමැති බව ඔහු අවධාරණය කර ඇත.


RECOMMEND POSTS