ජාත්‍යන්තර කඳු දිනය සමරයි

සෞදි අරාබිය ජාත්‍යන්තර කඳු දිනය සැමරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
ජාත්‍යන්තර කඳු දිය සැමරීම සඳහා කඳු නැගීමේ උත්සවයක් වඩි මුගයිඩිඩ් (ෂයිබ් මුගයිඩිඩ්) හිදි සංවිධානය කර තිබු අතර, ඒ සඳහා හැට දෙනෙකු පමණ සහභාගි වී ඇත.
සෞදි ක්‍රීඩා අමත්‍යාංශයේ නජ්රාන් ක්‍රීඩා ශාඛාවේ අනුග්‍රහයෙන් රාජ්‍ය හා පෞද්ගලික අයතනවල සහයෝගයෙන් කඳු නැගීමේ උත්සවය සංවිධානය කළේ ය.
ජාත්‍යන්තර කඳුනැගීමේ දිනය සෑම වසරකම දෙසැම්බර් මාසයේ 11 දිනට යෙදී තිබෙන අතර, කඳු නැගීම යනු කඳුනැගීම පමණක් නොව සොබාදහමේ සහ පරීසරයේ අපූර්වත්වය විඳගැනීමට ලැබෙන කදිම අවස්ථාවක් ද වේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 2002 වසරේදී පළමුවරට ජාත්‍යන්තර කඳු දිනය ප්‍රකාශයට පත් කළ අතර 2003 වසරේ සිට වසරක් පසා මෙම දිනය සැමරීම සිදුකරනු ලබයි.
ජලය, ආහාර, සංස්කෘතිය සහ ජෛව විවිධත්වය සඳහා කඳුකරයේ වැදගත්කම අවධාරණය කිරීම සහ දේශගුණික විපර්යාස, පතල් කැණීම් සහ වන විනාශය වැනි තරජනවලට මුහුණු දීම මෙම දිනයේ ප්‍රධාන අරමුණ වේ.
එක්සත් ජාතීනගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කරයි.

