හජ් වන්දනාකරුවන්ට දැඩි දඩුවම්

හජ් වන්දනාවේ බලපත්‍ර රහිතව නිරත වනපුද්ගලයින්ට සහ ඒ සඳහා සහාය දක්වන පුද්ගලයින්ට සෞදි රියාල් 100,000 දක්වා දඩ මුදලක් ඇතුළුව දැඩි දඩුවම් පමුණුවන බව සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇති බව වාර්තා වේ.
2026 අප්‍රේල් 18 සිට ජූනි මැද දක්වා කාලය තුළ නිල අවසර පත්‍රයක් නොමැතිව හජ් වන්දනා කිරීමට උත්සාහ කරන හෝ වන්දනාවේ යෙදෙන පුද්ගලයින්ට සෞදි රියාල් 20,000 කදඩයක් පනවනු ලැබේ.
මෙම කාලසීමාව තුළ මක්කම නගරයට ඇතුළු වීමට හෝ එහි රැඳී සිටීමට උත්සාහ කරන සංචාරක වීසා හිමියන්ට ද සවුදි රියාල් 20,000 ක දඩයක් නියම කෙරේ.
නීති විරෝධී පුද්ගලයින්ව ප්‍රවාහනය හෝ නවාතැන් පහසුකම් සපයමින් සහාය දක්වන පුද්ගලයින්ට සෞදි රියාල් 100,000 ක් දක්වා දඩ මුදල් පැනවිය හැකිය.
අවසර පත්‍ර නොමැතිව මක්කම නගරයට ඇතුළු වන පුද්ගලයින් සහ වීසා කාලය ඉක්මවා රැඳී සිටින්නන් වහාම පිටුවහල් කරනු ලබන අතර, ඔවුන්ට නැවත වසර 10 ක් යනතුරු සෞදි අරාබියට ඇතුළු වීම තහනම් කරනු ලැබේ.
උම්රා වන්දනාකරුවන් ඇතුළු සියලුම වර්ගයේ වීසා හිමියන් අප්‍රේල් 18 දිනෙන් පසු මක්කම රැඳී සිටින්නේ නම්, ඔවුන් නගරයෙන් බැහැර විය යුතුය. නැතහොත් විශේෂිත හජ් අවසර පත්‍රයක් ලබාගත යුතුය.

