සෞදියටත් මහ වැසි



සෞදි අරාබියේ ජෙඩා නගරයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් නගරයේ ප්‍රදේශ රැසක් ද ජලයෙන් යටවිය. මාර්ග අවහිර වීමෙන් අධික වාහන තදබදයක් ද නිර්මාණය විය. 

සෞදි කාලගුණ විද්‍යාඥයන් පැවැසුවේ, පැය 5 ක කාලයක් තුළ මිලිමීටර් 135 කට අධික වර්ෂාවක් කින්ග් අබ්දුල්ලා ස්පෝට්ස් සිටි වෙත ඇදහැලුණු බවය. මක්කම නගරයටත්, ක්වසීම් සහ මදීනා යන නගරවලටත් මහ වැසි ඇද හැලුණු බව පැවැසෙයි.

පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසරේ මේ කාලය තුළ මෙවැනි අධික වර්ෂාවක් පතිත වීම අනපේක්ෂිත සහ දුර්ලභ තත්ත්වයක් බවද සඳහන් වෙයි. ඉදිරියේදී ද අධික වැසි බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යාඥයෝ පැහැදිලි කරති.

වර්ෂාව නිසා හටගත් ආපදා තත්ත්වයට හදිසි සේවා ප්‍රතිචාර දක්වමින් සිටින බැවින්, පදිංචිකරුවන්ට නිවෙස් තුළම රැඳී සිටින ලෙස බලධාරීන් විසින් තරයේ උපදෙස් දී ඇත.

සෞදි අරාබියේ වාර්ෂිකව වැඩිම වර්ෂාපතනය ලැබෙන කාලය මේ වන විට වෙනස් වී ඇති බව සෞදි ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.


RECOMMEND POSTS