ට්‍රම්ප් ඉරානයට තව කල් දෙයි

සෞදි අරාබිය, කටාර් රාජ්‍යය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, ඉරානයට එරෙහිව හමුදා ප්‍රහාරයකට යෑම තාවකාලිකව කල් දමන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.
ට්‍රම්ප් ඉරානයට පහර දීම සඳහා ඇමෙරිකන් හමුදාපතිවරුවන් ද හමුවී සාකච්ඡා පැවැත්වූ අතර, ප්‍රහාරයක් එල්ල නොකිරීමට ට්‍රම්ප් තීරණය කළේ ඉන් පසුවය.
සෞදි අරාබිය, කටාර් රාජ්‍යය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය කළ ඉල්ලීමට කන් දෙමින්, තමන් ඉරානයට එරෙහිව හදිසියේ හමුදාමය ක්‍රියා මාර්ගයකට නොයන නමුත්, ඉරානය එරට න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් තමන් සමග පැහැදිලි එකගතාවකට නොයන්නේ නම්, ඉාරනයට දිගට හරහට පහර දෙන බවත් ට්‍රම්ප් අවධාරණය කර ඇත.
මීට පෙර ට්‍රම්ප් කියා සිටියේ සටන් විරාමයකට යමින් තමන් ඉරානයට දුන් කාලය වේගයෙන් අවසන් වෙමින් පවතින බවත්, ඉරානය කඩිනමින් තමන් (ඇමෙරිකාව) සමග පැහැදිලි එකඟතාවක් ඇති කර නොගන්නේ නම් ඉරානයට ප්‍රබල ආකාරයට ප්‍රහාර එල්ල කරන බවත්ය.

