ඇමෙරිකා ජනපති කටාරයට

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය නව නිල ‘එයාර් ෆෝස් වන්’ ගුවන් යානයෙන් කටාරය බලා ගියේය. ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය නිල ‘එයාර් ෆෝස් වන්’ යන නමින් හැඳින්වෙයි.
ට්‍රම්ප්, නව නිල ‘එයාර් ෆෝස් වන්’ ගුවන් යානය ලෙස භාවිතයට ගැනෙන්නේ කටාර් රජ පවුල, ඔහුට තෑගි කළ ඇමෙරිකන් ඩොලර් මිලියන 400 ක් වටිනා, ඇමෙරිකන් බෝයිං සමාගමට අයත් අධි සුඛෝපබෝගී බෝයිං 747 වර්ගයේ ගුවන් යානයකි.
ගුවන් යානය කටාරයෙන් ලැබුණු ත්‍යාගයක් බැවින්, එහි මංගල ගමන කටාර් යැයි මාධ්‍යවේදීන් හමුවේ ට්‍රම්ප් පැවැසුවේ ඉමහත් සතුටිනි. ඇමෙරිකන් ජනාධිපතිවරයකුට විදේශයකින් ලැබුණු මිල අධිකම ත්‍යාගය ලෙස මෙම ගුවන් යානය සැලකෙයි.
ට්‍රම්ප්ට තෑගි වශයෙන් ලැබීමෙන් පසු, ගුවන් යානයේ ඇතුළත, ඇමෙරිකන් ගුවන් හමුදාව විසින් සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇත. ඒ, ඇමෙරිකනා ජනාධිපතිවරයාට සුදුසු පරිදිය. යානයේ පිටත වර්ණ ගන්වා ඇත්තේ ජනපති ට්‍රම්ප්ගේ අභිමතය පරිදිය.
ඇමෙරිකන් ගුවන් හමුදාව පවසා ඇත්තේ, ඔවුන් කටාරයෙන් තෑගි ලැබුණු ගුවන් යානයේ ඇතුළත සම්පූර්ණවෙන් වෙනස් කරමින් නවීකරණය කළ බවය.
එය ඇමෙරිකන් ජනාධිපතිවරයාට සුදුසු පරිදි ආරක්ෂක බලකොටුවක් බවට පරිවර්තනය කළ බව ද ගුවන් හමුදාව පවසයි. නවීන ප්‍රහාරක පද්ධතියක් සහ ප්‍රහාරවලින් ආරක්ෂා වීමේ ආරක්ෂක පද්ධතියක් ද යානය සතුය. නවීකරණ කටයුතු සඳහා වෙන් කළ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 934 ක් බව පැවැසෙයි.
ඇමෙරිකා ජනාධිපති කටාර් එමීර්වරයා හමුවී, ඇමෙරිකා ඉරාන අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඇමෙරිකාව සහ ඉරානය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති අතර, ඊට අදාළව සාකච්ඡා පැවැත්වෙන්නේ කටාර් රාජ්‍යයේ දෝහාහිදීය. ට්‍රම්ප් මෙම සංචාරයේ දී ඉරාන නියෝජිතයන් කීප දෙනකු හමුවීමට ද බලාපොරොත්තු වෙයි.

