ඉරානයේ විරෝධතා ඇරැඹේ
ඉරාන මිසයිල ප්රහාරයෙන් යුක්රේන මගී ගුවන් යානය කඩා වැටීමේ සිදුවීම මුල්කොට ගනිමින්, ඊට විරෝධය දක්වමින්, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කොමේනීට එරෙහිව තෙහෙරාන් අගනුවර දැවැන්ත විරෝධතා පැවැත්වෙයි.
විරෝධතා පැවැත්වෙන්නේ කොමේනීට සිට ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි බල කරමිනි. ඉරාන රජය විසින් මර්දනයට ලක් කරනු ලැබූ විපක්ෂ ක්රියාකාරීහු ද මෙම විරෝධතා සඳහා එක් වී සිටිති. දහස් ගණනක් එම විරෝධතාවලට එක් වී සිටින බව ද වාර්තා වේ.
තෙරෙහාන්හිදීය (ඒ.එෆ්.පී.)