ඇමෙරිකාව සමඟ සාකච්ඡා ඇරැඹුවා



ඇමෙරිකා නියෝජිතයන් සමඟ යළිත් වරක් නිල වශයෙන් සාමකතා ආරම්භ කළේ යැයි ඇෆ්ගන් තලේබාන් සංවිධානය පවසා ඇත.

තලේබාන් සංවිධානය සමඟ සාම කතා යළි ආරම්භ කළ බව අනාවරණය කළේ ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ය. ඒ, ට්‍රම්ප් පසුගිය දා රහසේ ඇෆ්ගනිස්තානයට පැමිණ ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් සොල්දාදුවන් හමුවූ අවස්ථාවේදීය.

යළි සාම කතා ආරම්භ වූයේ ද කටාර් හි දෝහා නුවර පිහිටුවා ඇති තලේබාන් සාම කාර්යාලය හරහා යැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS