පලස්තින ජනපති ඊශ්‍රායලයට ගියාට පලස්තීනයෙන් දොස්

පලස්තීන ජනාධිපති මහ්මුද් අබ්බාස් ඊශ්‍රායලයේ හිටපු ජනාධිපති හා අගමැති සීමොන් පෙරෙස්ගේ අවමංගල උත්සවයට සහභාගිවිම පලස්තින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත.
සීමොන් පෙරෙස්ට පලස්තීනුවන් සමග ලේ තැවරුණු ඉතිහාසයක් තිබූ නිසා පලස්තින ජනාධිපතිවරයා ඔහුගේ අවමඟුල් උත්සවයට සහභාගිවිම ගැන පලස්තින ජනතාව තුළ විශාල කෝපයක් පැන නැගී ඇතැයි හමාස් සංවිධානය නියෝජනය කරන මොෂීර් අල් මස්රි නම් එම මන්ත්‍රීවරයා කියා සිටියි.
යුද අපරාධකරුවකුගේ, ළමා ඝාතකයකුගේ, ඊශ්‍රායල් න්‍යෂ්ටික වැඩ සටහනේ පියාගේ අවමගුලට සහභාගිවිමට පලස්තින ජනාධිපති අබ්බාස් කැමැත්තෙන් සිටියේයයි මන්ත්‍රීවරයා තව දුරටත් චෝදනා කරයි.
‘මෙය විශාල පාපකර්මයක්. පලස්තීන ජනතාවට හා පෙරස් විසින් මරා දමන ලද පලස්තීන වීරයන්ට කරන ලද අපහාසයක්.‘ යයි මොෂීර් අල් මස්රි පවසයි.

