සිටි බැංකුව තාවකාලිකව වසයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජාත්‍යන්තර බැංකුවක් වන සිටි බැංකුව සිය ශාඛා සහ මූල්‍ය මධ්‍යස්ථාන වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එමිරේටයේ පවතින අනාරක්ෂතිභාවය හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට කටයුතු කරන බව එම බැංකුවට අයත් වෙබ් අඩවියේ සදහන් කර ඇත.

සියලුම කාර්ය මණ්ඩලය සම්පූර්ණයෙන්ම මාර්ග ගත ක්‍රමය (Online ) ඔස්සේ සිය සේවාවන් බාධාවකින් තොරව ගනුදෙනුකරුවන්ට ලබාදීම කටයුතු කරගෙන යන බව බැංකුවේ ප්‍රකාශකයෙක් රොයිටර් පුවත් සේවයට පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOline - ඩුබායි නුවර)

RECOMMEND POSTS