යුද්ධය ඉක්මනින් අවසන් වේවි

ඉරානය සමඟ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඇමෙරිකාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. පසුගිය දින 10 පුරා ඉරානයට දැඩි විනාශයක් අත්කර දුන් මෙම යුදමය තත්ත්වය ඔහු හඳුන්වා දී ඇත්තේ, කෙටි කාලීන ගැටුමක් ලෙසය.
ෆ්ලොරිඩාවේ ඩොරල් හිදී මාධ්‍ය අමතමින් ට්‍රම්ප් කියා සිටියේ, පෙබරවාරි 28 වැනිදා ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය වීමත් සමඟ ආරම්භ වූ යුද්ධයේදී, අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව මේ වන විට ඉලක්ක 5,000කට ප්‍රහාර එල්ල කර ඇති බවය.
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන, සිවිල් ප්‍රදේශ සහ තෙල් පිරිපහදු මෙන්ම ජල පිරිපහදු මධ්‍යස්ථාන වැනි යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාර එල්ල වෙමින් පවතින අතරතුර, ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් කෙරුණු මොජ්තාබා කමේනි (හිටපු නායකයාගේ පුත්‍රයා) වෙත එරට දැඩි මතධාරීන් සිය පක්ෂපාතීත්වය පළ කරමින් සිටින අවස්ථාවක ට්‍රම්ප් මෙසේ අදහස් පළ කිරීම විශේෂත්වයකි.

