නෙදන්යාහු මැරිලද?



ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඉලක්ක කර ගනිමින්, ඉරානය මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රහාරය සාර්ථක වී, නෙදන්යාහු මියගිය බවටත් රාවයක් පැතිර යයි. ඒ සමාජ මාධ්‍ය ඔස්සේය.

ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් දිනපතා මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් යුද්ධය ගැන කතා කළත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පෙනී සිටින්නේ අල්ප වශයෙනි. එසේ මාධ්‍ය හමුවේ පෙනී සිටිනවා නම්, නෙදන්යාහු මියගිය බවට රාවයක් පැතිරෙන්නේ කෙසේද?

ඉරානය පෙන්වා දෙන්නේ, මාධ්‍ය හරහා දකින්න ලැබෙන වීඩියෝ දසුන්වල සිටින්නේ නෙදන්යාහු නොව, ඒ.අයි. හෙවත් කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ නෙදන්යාහුගේ රුවක් බවය. නෙදන්යාහු මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරන එක් වීඩියෝවක, නෙදන්යාහුගේ එක් අතක ඇගිලි 6 ක් තිබෙන බව පෙනෙයි.

ඒ අනුව, නෙදන්යාහුගේ මෙම වීඩියෝව ඒ.අයි. නිර්මාණයක් බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. එසේ වුවත්, පවතින මෙම කටකතා ප්‍රතික්ෂේප කරමින් ඊශ්‍රායල ආරක්ෂක අංශ සහ රජයේ නිල ප්‍රකාශකයින් අවධාරණය කරන්නේ අගමැතිවරයා සම්පූර්ණයෙන්ම සුරක්ෂිතව සිටින බවය. ඔහු ආරක්ෂිත රහසිගත ස්ථානයක සිට යුද්ධය මෙහෙයවන බව ද ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසා ඇත.

අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS