ඉරාන නායකයා මැරෙනවා දකින්න කැමති නෑ

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි තවමත් ජීවතුන් අතර සිටින්නේ ද යන්න පිළිබඳව තමාට නිශ්චිත විශ්වාසයක් නොමැති නමුත්, ඔහු මියයනවා දැකීමට තමාගේ කැමැත්තක් නැතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට මාධ්‍ය හමුවේ පවසා ඇත.
මොජ්තබා කමේනි සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැති අතර, ඉකුත් 28 වැනිදා එල්ල වුණු ඊශ්‍රායල ප්‍රහාරයෙන් දරුණු ලෙස තුවාල ලබා ප්‍රතිකාර සඳහා රුසියාවට ගෙන ගොස් ඇතැයි ද පැවැසෙයි. මොජ්තබා කමේනි රැසියාවට යෑම ගැන ට්‍රම්ප් කිසිවක් පවසා නැත.
ඉකුත් පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකා ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලින් එවකට සිටි උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියයාමෙන් පසු, මොජ්තබා කමේනි නව නායකයා ලෙස තෝරා පත් කර ගැනීම සිදුවිය. මොජ්තබා කමේනි යනු අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි පුත්‍රයාය.

