පාකිස්තාන හමුදාපති ඉරානයේ



ඇමෙරිකාව සහ ඉරානය අතර බිඳ වැටුණු සාකච්ඡා යළි ආරම්භ කිරීමේ අරමුණින්, පාකිස්තාන හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ඉරානයේ තෙහෙරාන් අගනුවරට පැමිණියේය.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ ඉරාන බලධාරීන් සමඟ ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වීම පාකිස්තාන හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් තෙහෙරාන් බලා පැමිණියේ දූත පිරිසක් ද පිරිවරාගෙන බවය.

ඇමෙරිකාව සහ ඉරානය අතර පළමු වටයේ සාකච්ඡා පසුගිය සති අන්තයේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්වුණු නමුත් එය සාර්ථක නොවිණි.

එසේ වුවත් යළි සාම සාකච්ඡා වටයක් පැවැත්වීමට පාකිස්තානය උනන්දු වෙයි. පාකිස්තාන හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ප්රනමුඛ දූත පිරිස ඉරානය බලා පැමිණියේ ඒ අනුවය.

පාකිස්තානය, ඉරානය සමගත්, ඇමෙරිකාව සමගත් යහපත් සබඳතා පවත්වන රාජ්යායකි. ඇමෙරිකා ඉරාන යුද්ධය අවසන් කිරීමට පාකිස්තානයට මැදිහත් වෙන්නැයි පැවැසුවේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රනම්ප්ය. ට්ර්ම්ප් සහ ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් අතරේ පවතින්නේ දැඩි මිත්රනත්වයකි.


RECOMMEND POSTS