එක්සත් අරාබි එමීර් රාජ්‍ය අලුත් වරායක් හදයි

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ප්රහාරයන්ගෙන් බේරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරාහි නවතම බහුකාර්ය වරායක් සහ බහාලුම් පර්යන්තයක් ඉදි කිරීමට ඩී.පී වර්ල්ඩ් සමාගම තීරණය කර ඇත.
එම වරාය ස්ථාපිත කිරීමෙන් අනතුරුව සිය සමාගමේ මෙහෙයුම් කටයුතු බොහොමයක් එම වරාය වෙත රැගෙන යාමට ඩී.පී වර්ල්ඩ් සමාගම සැලැසුම් කර තිබේ.
ඉන් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නෞකාවලට හෝමුස් සමුද්‍ර සන්ධිය මත යැපීමට අවශ්‍ය නොවනු ඇති බවද පැවැසෙයි.
ඩී.පී වර්ල්ඩ් සමාගම පසුගිය වසර 20 ක කාලයේදී ලොව පුරා වරාය සහ සැපයුම් අධිරාජ්‍යයක් ගොඩනඟා ඇති අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධානතම සමාගමක්ද වේ.
ජෙබෙල් අලි වරාය තවමත් ඩී.පී වර්ල්ඩ් සමාගමේ වටිනාම සම්පත ලෙස සැළකෙන අතර එය ඩුබායි ගෝලීය වෙළඳ හා මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට විශාල දායකත්වයක්ද ලබා දුන්නේය.
ඩී.පී වර්ල්ඩ් සාමාගම සිය බොහෝ මෙහෙයුම් ෆුජයිරා වෙත රැගෙන යාමෙන් ඩුබායි නගරය සැළකිය යුතු බලපෑමක් එල්ල වනු ඇති බවද පැවැසෙයි.
ඩී.පී වර්ල්ඩ් සමාගමේ මෙම තීරණයට හේතුවී ඇත්තේ ජෙබෙල් අලි වරායෙන් පිටත් වන නෞකාවලට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට සිදුවීමත් එවිට ඉරානයේ වෙඩි ප්රහාරයන්ට ලක්වීමට සිදු වීමත්ය.

