ට්‍රම්ප් ඊශ්‍රායලයට බෝම්බ 20,000 ක් දීලා



ට්‍රම්ප් පරිපාලනය විසින් කොංග්‍රස් මණ්ඩලයේ සමාලෝචනයකින් තොරව, ඇමරිකානු ඩොලර් මිලියන 650ක් වටිනා බෝම්බ 20,000කට අධික ප්‍රමාණයක් ඊශ්‍රායලයට විකිණීමට අනුමැතිය දී ඇතැයි පැවැසෙයි.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පැහැදිලි කර ඇත්තේ, පවතින හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින්. රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ තීරණය කිරීමත් සමඟ, සාමාන්‍ය කොංග්‍රස් සමාලෝචන ක්‍රියාවලිය මඟහැර මෙම ගනුදෙනුව අනුමත කළ හැකි වූ බවය.

මීට අමතරව, සෘජු වාණිජ ගනුදෙනු හරහා තවත් අමෙරිකානු ඩොලර් මිලියන 298ක් වටිනා යුද අවි ඊශ්‍රායලය විසින් මිලදී ගැනීමට නියමිත බව ද වාර්තා වේ.


RECOMMEND POSTS