ඉරානයෙන් දිගටම ප්රති ප්රහාර

ඉරාන විප්ලවීය බලකායෙන් ඊශ්රායලයට සහ ඇමරිකානු ඉලක්කවලට දැවැන්ත මිසයිල ප්රහාර මාලාවක් එල්ල කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය පවසයි.
ඉරාන විප්ලවීය බලකාය (IRGC) මෙම ප්රහාර එල්ල කර ඇත්තේ ඊශ්රායලයේ ප්රධාන නගර කිහිපයකට සහ මැදපෙරදිග කලාපයේ ස්ථාපිත ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමිනි.
මෙම ප්රහාර සඳහා ඉරානය විසින් නිෂ්පාදිත ‘ඛෝරම්ෂහර්’ (Khoramshahr) වර්ගයේ අධිබර මිසයිල (Super-heavy missiles) විශාල ප්රමාණයක් භාවිතා කර තිබෙන බව ඉරානයේ ෆාර්ස් පුවත් සේවය පවසා ඇත.

