කිර්ගිස්තානයෙන් මතුවුණු බෞද්ධ උරුමය



කිර්ගිස්තානයේ චුයි පළාතෙන්, 7 වැනි හෝ 8 වැනි සියවසේ, ටැං රාජ්‍ය වංශයට අයත් බව පැවැසෙන බෞද්ධ දේවස්ථාන සංකීර්ණයක නටබුන් සොයා ගැනීමට කිර්ගිස්තාන සහ ජපන් පුරාවිද්‍යා කණ්ඩායමක් පසුගිය දා සමත් විය.

මධ්‍යම ආසියාවේ සුන්දර කඳු පන්තිවලින් හා පොහොසත් සංස්කෘතික ඉතිහාසයකින් සමන්විත රාජ්‍යයකි. පුරාණයේ සේද මාවත කිර්ගිස්තානය හරහා වැටී තිබුණි.

චුයි පළාතෙන්, ෂාක්රිස්තාන් 2 නමැති කැණීම් භූමියේ සිදු කරන ලද කැණීම්වලදී පඩිපෙළ, බැවුම් සහ වේදිකා ආදිය මතු කර ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වූ බව පැවැසෙයි. 

මෙම සොයා ගැනීමත් සමග, 1940 ගණන්වල ප්‍රකට පුරාවිද්‍යාඥ ඇලෙක්සි බර්න්ෂ්ටම් විසින් ඉදිරිපත් කළ බෞද්ධ දේවස්ථානයක් පැවති බවට වූ උපකල්පනය තහවුරු වන බව ද පැවැසෙයි.


RECOMMEND POSTS