මෝදි විවෘත කරන්න හැදූ ඉන්ධන පිරිපහදුවක ගින්නක්



ඉන්දියාවේ රාජස්ථාන ප්‍රාන්තයේ ඉන්ධන පිරිපහදුවක ගින්නක් හටගත්තේය. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. 

ගින්න හටගත්තේ බැලෝට්‍රා් පිහිටි පිරිපහදුවේය. අභිනවයෙන් ඉදිකළ මෙම පිරිපහදුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් විවෘත කිරීමට නියමිතව තිබුණු බවත් විවෘත කිරීමේ විශේෂ උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණු බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ගින්නට හේතුව, පිරිපහදුවේ යාත්‍රික දෝෂයක් බව පැවැසෙයි. ඒ සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.


RECOMMEND POSTS