නයිජීරියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා



අප්‍රිකාවට අයත් නයිජීරියාවේ සන්නද්ධ මැර කල්ලි සාමාජිකයෝ පිරිසක් ක්වාරා නමැති පළාතේ පොලිස් ස්ථානයටත් ඒ අසල පිහිටි රජ මාලිගාවකටත් කඩා වැදී පහර දුන්හ. 

ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු සන්නද්ධ පිරිස මාලිගාවේ කොටසකට ගිනි තබා පලා ගියේ පුද්ගලයන් 10 දෙනකු පැහැර ගනිමින් යැයි ද පැවැසෙයි. 

මීට අමතරව නයිජීරියාවේ වයඹදිග දේශසීමාව ආසන්නයේ පිහිටි යෂිකිරා පළාතෙන් ද ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වෙයි. යෂිකිරා පළාතේ සිදුවුණු වෙඩි තැබීම්වලින් මියගිය ගණන 3 කි. 

යෂිකිරා පළාතේ ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැලුණු සන්නද්ධ පුද්ගලයන් ප්‍රතිප්‍රහාර එල්ල කර, පලවා හැරීමට නයිජීරියා පොලිසිය සමත් වූ බව වාර්තා වේ.


RECOMMEND POSTS