ලෙබනනය ඇතුළත් සටන් විරාමයක්



ලෙබනනය ද ඇතුළත් වන පරිදි එකඟ වූ සටන් විරාම කොන්දේසි ආරක්ෂා කිරීමට අමෙරිකා එක්සත් ජනපදය කටයුතු කළ යුතු බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අවධාරණය කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලෙබනනය සඳහා පත් කිරීමට නියමිත ඉරාන තානාපති මොහොමඩ් රේසා ශිබානි සමඟ පැවැති දුරකථන සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති බවය.

ෙසටන් විරාම එකඟතාවන්ට අනුව ලෙබනනය තුළ පවතින ගැටුම් නැවැත්වීමට ඇමෙරිකාව සහතික විය යුතු බව ඉරානය පවසයි.


RECOMMEND POSTS