රන් පතලක් කඩා වැටී හතක් මරුට

සුඩානයේ නැගෙනහිර ප්‍රදේශයේ රන් පතලක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
අනතුරින් හය දෙනෙකු තුවාල ලබා ඇති බව සුඩාන ඛනිජ සම්පත් සමාගම ප්‍රකාශ කළේය.
ඉතා ගැඹුරු පතල තුළ පුද්ගලයන් 25 කට වැඩි පිරිසක් සිරවී සිටින අතර, ඔවුන් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.
මුදාගැනීමේ සහ හදිසි ප්‍රතිකාර කිරීමේ උපකරණවල පවතින දැඩි හිඟය හේතුවෙන් සහන සේවා කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කාර්ටුම්නුවර)

