උතුරු කොරියාව න්‍යෂ්ටික රාජ්‍යයක්

උතුරු කොරියාව න්‍යෂ්ටික බලැති රාජ්‍යයක් බවත්, උතුරු කොරියාව න්‍යෂ්ටික බලැති රාජ්‍යයක් යැයි නිල වශයෙන් නම් කළ යුතු බවත් එරට නායක කිම් ජොන් උන් පවසයි.
ලෝකය පුරා පවතින අනපේක්ෂිත සහ සංකීර්ණ ආරක්ෂක තත්ත්වයන්ට මුහුණ දීම උතුරු කොරියාව ඕනෑම මොහොතක සූදානම් බවත් කොරියානු නායකයා අවධාරණය කර ඇත.
නායක කිම් ජොන් උන් මෙසේ පැවැසුවේ, පාලක කම්කරු පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අමතමිනි.
වර්තමාන ගෝලීය දේශපාලන අර්බුද හමුවේ තම රටේ ආරක්ෂාව තහවුරු කරගත හැක්කේ න්‍යෂ්ටික බලය අඛණ්ඩව පවත්වාගෙන යාමෙන් පමණක් බව උතුරු කොරියානු නායකයා එහිදී අවධාරණය කළ බව ද පැවැසෙයි.

