ට්‍රම්ප් ඉරානයට දුන් අවසන් නිවේදන



ඇමෙරිකා ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයට එරෙහිව එල්ල කර ඇති තර්ජන සහ ඔහු ලබාදුන් අවසන් නිවේදන මෙසේය. ට්‍රම්ප් මෙසේ අවසන් නිවේදන නිකුත් කරමින් ඉරානයට බල කර ඇත්තේ තමන් පිළිගන්නා එකඟතාවයකට පැමිණෙන ලෙසටය. කෙසේ නමුත් ඉරානය ට්‍රම්ප්ගේ මෙම කර්ජන තැකීමකට ලක් කරන්නේ නැත.

මාර්තු 21: හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කරන ලෙස ඉරානයට පැය 48ක කාලසීමාවක් ලබා දෙයි. එසේ නොකළහොත් එරට විදුලි බලාගාරවලට ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කළේය.

මාර්තු 23: තෙහෙරානය සමඟ පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතියක් ඇතැයි පවසමින්, ඔහු එම කාලසීමාව තවත් දින පහකින් කල් දැමීඹට කටයුතු කළේය.

මාර්තු 26: අප්‍රේල් 6 වන දින රාත්‍රී 8:00ට (GMT 00:00, අප්‍රේල් 7) අවසන් වන පරිදි අලුත් දින 10 ක කාලසීමාවක් ලබා දුන්නේය.

අප්‍රේල් 4: අප්‍රේල් 6 අවසාන දිනය බව යළිත් අවධාරණය කරමින්, ගනුදෙනුවකට එළඹීම සඳහා ඉරානයට ඇත්තේ තවත් පැය 48ක් පමණක් ඇතැයි දැනුම් දුන්නේය.

අප්‍රේල් 5: ඉරාන නායකත්වය පියවරක් නොගතහොත් එරට විදුලි බලාගාර හෝ පාලම් ඉතිරි නොකරන බව පවසමින්, ඔහු එම කාලසීමාව අප්‍රේල් 7 වන දින සවස් කාලය දක්වා තවත් දිනකින් කල් දමන බවක් පැවැසීය. ඒ, පාස්කු ඉරිදා දිනය 5 වැනිදාට යෙදි තිබුණු බැවින එය මඟ හැරීමටය. එදිනම සමාජ මාධ්‍ය සටහනක් තබමින් අඟහරුවාදා එනම් 7 වැනිදා ඉරානයේ වේලාවෙන් රාත්‍රී 8:00 ට ඉරානයට පහර දෙන බවය.

අප්‍රේල් 6: තම අවසන් කාලසීමාව තවදුරටත් කල් දැමීමට නෙහැකි බවත්, ඉරානය එක් රැයකින් පහර දී වනසා දමන බවත්ය.

අප්‍රේල් 7: ට්‍රම්ප් කියා සිටියේ පහර දී ඉරාන ශිෂ්ටාචාරය සමුපූර්ණයෙන්ම විනාශ කර දමන බවය.


RECOMMEND POSTS