ඉරාන ශිෂ්ටාචාරය අවසන් කරනවා !



හෝමූස් විවෘත කිරීම සම්බන්ධයෙන්, පැහැදිලි පිළිගත හැකි එකඟතාවක් ඇතිකර ගැනීමට ඉරානය අපොහොසත් වුවහොත්, ඉරානය විනාශ කර දැමීමට තමන් පසුබට නොවන බව, ඇමෙරිකා ජනාධිපති යළිත් වරක් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ අවධාරණය කර ඇත.

ට්‍රම්ප් ඉරානයට කළ එම අනතුරු ඇඟවීම මෙසේය.

මුළු ඉරාන ශිෂ්ටාචාරයම අද රාත්‍රියේ මියැදෙනු ඇත. යළි ගොඩනැගීමට නොහැකි වන ආකාරයට විනාශ වනු ඇත. එහෙම වෙනවා දකින්න මාගේ කැමැත්තක් නැහැ. ඒත් එහෙම දෙයක් වෙන්න පුළුවන්. අප ඉරාන රෙජීමය වෙනස් කර අවසන්. වෙනස් විදියට හිතන, බුද්ධිමත්, අන්තවාදී ආකල්ප නැති පිරිසක් ඉරාන පාලන තන්ත්‍රයේ සිටිනු දැකීමයි අපට ඕනෑ. සමහර විට අපූරු විප්ලවීය වෙනස් වෙන්න පුළුවන්. කවුද දන්නේ? අද රාත්‍රියේ අපට එය දැනගන්න ලැබේවි. ලෝක ඉතිහාසයේ වැදගත්ම මිනිත්තු කීපය මෙය වනු ඇත. වසර 47 ක් තිස්සේ පැවැති ප්‍රචණ්ඩත්වය, දූෂණය, මරණය අවසානයේ දී අවසන් වේවි. ඉරානයේ ශ්‍රේෂ්ඨ වැසියන්. ඔබට දෙවි පිහිටයි.


RECOMMEND POSTS