ඉරාන ජනාධිපතිගෙන් ඇමෙරිකානුවන්ට ලිපියක්



ඇමෙරිකාව ඉරානයට එරහිව ආරම්භ කර ඇති යුද්ධය සම්බන්ධයෙන්, ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන්, ඇමෙරිකානුවන්ට ලිපියක් යවා ඇත. 

ජනාධිපති පෙසෙෂ්කියන්, එම ලිපියෙන් විමසා ඇත්තේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානය සමඟ යුද්ධයකට යෑම සැබැවින්ම ඇමෙරිකානුවන්ගේ යහපත වෙනුවෙන් සිදුවන්නක් ද යන්නය.

ඇමෙරිකාව තමන්ට (ඉරානයට) පහර දෙන්නේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ කීමට, ඔහු සතුටු කිරීමට බවටත්, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය යුද අපරාධ සිදු කරන බවටත් ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සිය ලිපියේ සඳහන් වී ඇත.

මෙෂූඩ් පෙසෙෂ්කියන්, ඉරාන ජනාධිපති ධුරයට තේරීපත්වුණු මධ්‍යස්ථමතධාරී ජනාධිපතිවරයෙකි. පෙසෙෂ්කියන්, ඇමෙරිකානුවන්ට මෙම ලිපිය යැවීම කළේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය ඇමතීමට පෙරය.


RECOMMEND POSTS