ඉරානය මට්ටු කරන්න සම්බාධක

ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි.
ඉරානය ආර්ථිකමය වශයෙන් අඩපණ කිරීමට තමන් සමග එක් වෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙසු බටහිර රටවලින් ඉල්ලීමක් කර තිබේ. මේ අයුරින් ඇමෙරිකාව ඉරානයට සම්බාධක පැනවීම් සිදු කළ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
ඉරානය ආර්ථිකමය වශයෙන් අඩපණ කිරීමට තමන් සමග එක් වෙන්නැයි ජනාධිපති ට්‍රම්ප්, සෙසු බටහිර රටවලින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඉරානය සෙසු බටහිර රටවලට දන්වා ඇත්තේ, ඇමෙරිකාව සමග එක් වී තමන්ට එරෙහිව සම්බාධක පනවන ඕනෑම රටක් තම සතුරකු ලෙස සලකන බවය.
ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළ අන්දමට, ඇමෙරිකා හමුදාවට ප්‍රහාර එල්ල කිරීමට අණ දුන් සහ ප්‍රහාර සැලසුම් කළ ඉරාන හමුදා ප්‍රධානීන්ට, අවි ආයුධ සැපයීමේ නිරත වූ හමුදා නිලධාරීන්ට, ඇමෙරිකා සහ කලාපීය හමුදා ඉලක්ක කර බුද්ධි ආයතන ඉලක්ක කර ගනිමින් ඇමෙරිකන් රජය සම්බාධක පැනැවීම සිදු කර තිබේ.
ඊට අමතරව, ඉරානයේ හමුදා සහ මිසයිල වැඩසටහන සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සිදු කරන සැපයුම් ජාලය ඉලක්ක කර ගනිමින් ද සම්බාධක පනවා ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, චීනය, සිංගප්පූරුව සහ යුරෝපය හරහා ඉරාන පෙට්‍රෝලියම් නිෂ්පාදන ප්‍රවාහනය කළ නැව් සමාගම් සහ තැරැව්කරුවන් ඉලක්ක කර ගනිමින් ද සම්බාධක පැනවීමට ඉරාන රජය කටයුතු කර ඇත.
ඇමෙරිකාවේ තීරණාත්මක යටිතල පහසුකම් ඉලක්ක කරමින් ු සයිබර් ප්‍රහාර එල්ල කළ ඉරාන ජාතිකයන් අට දෙනකුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට ද ඇමෙරිකාව පියවර ගෙන ඇත. ඊට සම්බන්ධ තවත් සයිබර් සැකකරුවන් පස් දෙනකු ඇමෙරිකාව විසින් හඳුනා ගනු ලැබ ඇති අතර, එම සැකකරුවන් ගැන ඔත්තුවක් දෙන්නේ නම් අයකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක ත්‍යාගයක් ලබා දීමට ද ඇමෙරිකාව සූදානමින් සිටී.

