ජපාන අගමැතිනිය සමඟ සාකච්ඡාවක

ඕමාන් සුල්තාන්වරයා සහ ජපාන අගමැතිනිය අතර කලාපීය වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
ඕමාන් සුල්තාන්, හයිතම් බින් තාරික් ජපාන අග්‍රාමාත්‍ය, සානේ ටකයිචි මහත්මිය සමඟ දුරකථන සංවාදයක නිරත විය.
මෙම දුරකථන සංවාදයේදී නවතම කලාපීය වර්ධනයන් සහ ගල්ෆ් රටවල ආරක්ෂාවට මෙන්ම ජනතාවගේ සුරක්ෂිතභාවයට එල්ල කරන බලපෑම් පිළිබඳව සමාලෝචනය කෙරිණි.
කලාපීය නොසන්සුන්තාවන් සමනය කිරීම සඳහා ඕමාන් සුල්තාන් රාජ්‍යය දරන උත්සාහය ජපාන අග්‍රාමාත්‍යවරිය මෙහිදී අගය කර ඇත.
රාජ්‍යතාන්ත්‍රික මාර්ග හරහා ගැටුම් නිරාකරණය කර අවසාන එකඟතාවයකට පැමිණීමට තම රට කැපවී සිටින බව ද ඇය යළිත් අවධාරණය කළාය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - මස්කට් නුවර)

