සාමකතාවලට අපි නෑ - ඉරානය



පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වෙන දෙවැනි වටයේ සාම සාකච්ඡා සඳහා උප ජනාධිපති ජේඩී වැන්ස් ප්‍රමුඛ නියෝජිතයන්, සහභාගී වනු ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසුවත්, ඉරානය අවධාරණය කර ඇත්තේ, පාකිස්තානයේ එම සාකච්ඡා සඳහා තම නියෝජිතයන් සහභාගී නොවන බවය.

ඊට හේතුව ලෙස ඉරානය පවසන්නේ, හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනා ගමන කටයුතු අවහිර කළ ඇමෙරිකන් නාවික හමුදාව, ඉරානයට අයත් ‘ටුස්කා’ නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාව අත්අඩංගුවට ගැනීමේ සිද්ධියයි.

අති දැවැන්ත ‘ටුස්කා’ නෞකාව මීටර් 294 ක් දිගින් යුක්තය. එහි පළල මීටර් 32 කි. මෙය ප්‍රමාණයෙන් ඇමෙරිකන් නාවික හමුදාවට අයත් දැවැන්ත ප්‍රහාරක නෞකාවක් තරම් යැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇමෙරිකාවේ ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවේ දිග මීටර් 332 කි.

දිගින් දිගටම එල්ල වුණු ඇමෙරිකන් ප්‍රහාර හමුවේ චීනය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැම්මේ, ඉරානයට හිතවත් ඉන්දීය, චීන, පාකිස්තාන, ප්‍රංශ ආදී නෞකාවලට පමණක් ඒ හරහා යෑමටත්, ඒමටත් ඉඩ සලසමිණි.

ඇමෙරිකා ඉරාන නියෝජිතයන් අතරේ සාම කතා පළමු වටය අසාර්ථක ලෙස අවසන් වෙද්දී, හෝමූස් සමුද්‍ර සන්ධිය එහි පිවිසුමෙන් අවහිර කිරීමට ට්‍රම්ප් අණ දුන්නේය. ඒ, ඇමෙරිකන් නාවික හමුදාව යොදවමිණි. ඒ අනුව, මේ වනවිට කිසිම නෞකාවකට හෝමූස් සමුද්‍ර සන්ධියට පිවිසීමට හෝ එයින් පිටවීමට නොහැකිය.

‘ටුස්කා’ භාණ්ඩ ප්‍රවාහන නෞකාව, චීනයේ සිට භාණ්ඩ රැගෙන ඉරානය බලායෑමට පැමිණෙද්දී, ඇමෙරිකන් නාවික හමුදාවට අයත් යුද නෞකාවක් ඊට ළං වී, පළමුවෙන් ඊට අනතුරු ඇඟවීමක් කර, පසුව එහි ඇන්ජින් කාමරයට මැෂින් තුවක්කුවලින් ‘ටුස්කා’ නෞකාවේ ඇන්ජින් කාමරයට වෙඩි තබා ඇත. ඉන්පසු ඇමෙරිකන් හමුදා භටයන් නැවට ගොඩවී නැව අත්අංඩගුවට ගත්තේ එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් ද සමගය.

‘ටුස්කා’ නෞකාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරමින් ඉරානය පවසා ඇත්තේ සාම සාකච්ඡාවලට සහභාගීවීමෙන් පලක් නොමැති බවත්, ඇමෙරිකාව සමග යුද වැදීමට තමන් පසුබට නොවන බවත්ය. 


RECOMMEND POSTS