යුක්රේන රුසියන් අර්බුදය විසඳන්න තුර්කිය මැදිවෙයි



රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට තමන් ඕනෑම වේලාවක මැදිහත් වීමට සූදානමින් සිටින බව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අවධාරණය කර ඇත. 

තුර්කි ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ නේටෝ සංවිධානයේ මහ ලේකම් මාර්ක් රූට් හමුවෙමිනි. තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සහ නේටෝ මහ ලේකම්වරයා අතර හමුව පැවැත්වූයේ තුර්කි ජනාධිපති මන්දිරයේදීය.

නේටෝ යනු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයයි. මෙය ඇමෙරිකාව සහ බටහිර රටවල් එක් වී, රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමට පිහිටුවාගත් යුද සන්ධානයයි. තුර්කිය ද නේටෝ සාමාජිකයෙකි.

රුසියාව යුක්රේනයට එරෙහිව 2022 වසරේ දී හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ යුක්රේනය, නේටෝ සාමාජිකත්වය අපේක්ෂා කිරීමය. යුක්රේනයට නේටෝ සාමාජිකත්වය හිමිවීම යනු රුසියාවේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයකි.


RECOMMEND POSTS