ඇෆ්ගනිස්තානයට මහ වැසි 50 ක් මරුට



තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්තානයට මහ වැසි ඇද හැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මහ වැසි හේතුවෙන් හටගත් හදිසි ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් 50 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 100 කට වැඩි පිරිසක් අතුරුදන් බවත්ය.

අයහපත් කාලගුණයෙන් දරුණු ලෙස ඉලපෑම් එල්ල වී ඇත්තේ ඇෆ්ගනිස්තානයේ නුරිස්තාන් පළාතටය. ගම්මාන රැසක් මඩ සහප පස් තට්ටුවලින් මුළුමනින්ම යටවී ගිය බවත්, පස් යට සිරවුණු පිරිස් මුදා ගැනීමට අධික වැසි බාධාවක් වී ඇති බවත් පැවැසෙයි.


RECOMMEND POSTS