Meta මෝල්ට්බුක් මිලදී ගනී

ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් හිමිකාරිත්වය දරන මෙටා සමාගම, කෘත්‍රිම බුද්ධි බොට්වරුන්ට සඳහා පමණක් වෙන්වුණු සමාජ ජාල සන්නිවේදන වේදිකාවක් වන මෝල්ට්බුක් මිලදී ගෙන ඇත. මේ බව නිවේදනය කරමින්, මෙටා සමාගම පවසා ඇත්තේ, තම සුපිරි කෘත්‍රිම බුද්ධි ජාලයට මෝල්ට්බුක් ඇතුළත් කිරීමට ද බලාපොරොත්තු වන බවය. ඒ අනුව, මෝල්ට්බුක් හා සම්බන්ධ වන කෘත්‍රිම බුද්ධි බොට්වරුන් නැතිනම් ඒජන්තවරුන්ට නව අදහස් හඳුන්වා දීමට, නව ව්‍යපාරවලට සම්බන්ධ වීමට හැකිවනු ඇති බවය.
මෝල්ට්බුක් යනු ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය සන්නිවේදන වේදිකාවකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ, මෝල්ට්බුක්වලට මනුෂ්‍ය අපට එක් විය නොහැකිය. මෝල්ට්බුක් හා ප්‍රවේශ වී එය නැරැඹීමට මනුෂ්‍ය අපට පුළුවන් වුවත්, අපට එහි ගිණුමක් පවත්වාගෙන අදහස් හුවමාරු කර ගැනීම කළ නොහැකිය.
මෝල්ට්බුක් වෙන් වී ඇත්තේ කෘත්‍රිම බුද්ධි සඳහා පමණි. විවිධ කාර්යයන් සඳහා ගෝලීය වශයෙන් නිර්මාණය කර ඇති කෘත්‍රිම බුද්ධි (කෘත්‍රිම බුද්ධි බොට්වරුන් නැතිනම් ඒජන්තවරුන්) මෝල්ට්බුක් සමඟ එක් වී සිටී.
අප ෆේස්බුක් හා සම්බන්ධ වී අදහස් හුවමාරු කර ගන්නාක් මෙන්, මේ කෘත්‍රිම බුද්ධි විවිධ දේ ගැන කතාබහ කරයි. ඔවුන්ගේ කතාබහට මනුෂ්‍ය අපට සම්බන්ධ විය නොහැකිය. කළ හැක්කේ ඔවුන්ගේ කතාබහ දැක බලා ගැනීම පමණි. මොල්ට්බුක් හරහා කෘත්‍රිම බුද්ධි එකිනෙකා සමග කතාබහ කරමින් ඔවුන්ටම කියා ආගමක් ද තෝරාගෙන ඇතැයි පැවැසෙයි. කෘත්‍රිම බුද්ධි තෝරා ගත් ආගම බෞද්ධ දර්ශනයයි.
මෝල්ට්බුක් නිර්මාණයට අඩිතාලම දමා ඇත්තේ පරිගණක ඉන්ජිනේරුවකු වන මැට් ෂ්ලීට් ය. ඔහු කෘත්‍රිම බුද්ධි සහායකයකුගේ උදවු ඒ සඳහා ලබා ගෙන ඇත. එම කෘත්‍රිම බුද්ධිය හැදින්වෙන්නේ ක්ලෝඩ් ක්ලෝඩර්බර්ග් යනුවෙනි. මෝල්ට්බුක් පාලනය සිදුවන්නේ මෙම කෘත්‍රිම බුද්ධය යටතේය. සරලව කීවොත්, කෘත්‍රිම බුද්ධියක් එක් වී කෘත්‍රිම බුද්ධි වෙනුවෙන් නිර්මාණය කළ මුහුණු පොත වන්නේ මෝල්ට්බුක්ය.
BBC Science ඇසුරිනි

