’ඩෙල්ටා’ විකෘතියට වයස් භේදයක් නෑ



'කොවිඩ් 19' ඩෙල්ටා විකෘතියේ වැඩි බලපෑමක් ඇත්තේ කුඩා දරුවන්ට යැයි රටවල් රැසකින් වාර්තා වන නමුත්, 'ඩෙල්ටා' විකෘතියට වයස් භේදයක් නොමැති බවත්, ඕනෑම කෙනකුට 'ඩෙල්ටා' ආසාදනය වීමේ අවදානමක් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.

කෙසේ නමුත් 'කොවිඩ් 19' මුල් ප්‍රභේදයට වඩා, 'ඩෙල්ටා' විකෘති ප්‍රභේදයේ ව්‍යාප්තිය ඉතා බිහිසුණු අයුරින් සිදුවන බැවින්, රටවල් රැසක කුඩා දරුවන් රෝගී වීමේ වැඩි ප්‍රවණතාවක් දකින්න ලැබෙන බව 'කොවිඩ් 19' වසංගතය සම්බන්ධයෙන් ලෝක සෞඛය සංවිධානයේ තාක්ෂණික කමිටුවේ ප්‍රධානී වෛද්‍ය මරීයා වැන් කෙර්කෝව් ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කර තිබේ.

(බීබීසී)


RECOMMEND POSTS

RELATED POSTS