ලින්ඩ්සි ග්‍රැහැම්ගේ මරණය අබිරහසක්



ඇමෙරිකන් සෙනෙට් සභික 71 හැවිරිදි ලින්ඩ්සි ග්‍රැහැම් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් දිවියෙන් සමුගත්තේය. ලින්ඩ්සි ග්‍රැහැම් යනු ඇමෙරිකා ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම මිතුරෙකු සහ ට්‍රම්ප් හිතවාදියෙකි. 

මරණය සිදුවී ඇත්තේ හිටිහැටියේ ඇතිවුණු හෘදයාබාධයකිනි. වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඊට හේතුව පැහැදිලි නොවන බවය. වෛද්‍ය වාර්තා අනුව, ලින්ඩ්සි ග්‍රැහැම්ට හිටිහැටියේ හෘදයාබාධයක් ඇතිවීමේ ඉඩක් නොමැති බව පැවැසෙයි.

මියයෑමට පෙර, ලින්ඩ්සි ග්‍රැහැම්, යුක්රේනයේ සංචාරයකට ගොස් සිටියේය. ආපසු  ඇමෙරිකා පැමිණි ඔහු ‘මීට් ද ප්‍රෙස්’ නමැති මාධ්‍ය හමුවට සහභාගී වී අදහස් දැක්වීමට නියමිතව සිටියේය. ලින්ඩ්සි ග්‍රැහැම්ගේ මරණය සිදුවී ඇත්තේ ඔහු නිවසේ සිටිද්දීය.

ලින්ඩ්සි ග්‍රැහැම් බොහෝ ලෝක නායකයන්ගේ පැසැසුමට ලක්වුණු තැනැත්තෙකි. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ජර්මන් චාන්සලර් ෆෙඩි්‍රක් මර්ස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සොව පළ කර ඇත.

ඊට අමතරව ඉරානය ද ලින්ඩ්සි ග්‍රැහැම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඒ, ඔහු දැඩි ලෙස විවේචනය කරමිණි. ඇමෙරිකාව ඉරානට එරෙහිව යුද්ධයකට ගියේ සෙනෙට් සභික ලින්ඩ්සි ග්‍රැහැම්ගේ සහාය ට්‍රම්ප්ට ලැබුණු නිසා බවත්, ලින්ඩ්සි ග්‍රැහැම්ට නිරයේ දොරටු විවර වනු ඇති බවත් ඉරානය පවසා ඇත.


RECOMMEND POSTS