පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන යානය හිටිහැටියේ අතුරුදන්

පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් හිටිහැටියේ අතුරුදන් විය. පාකිස්තානයේ ‘කේ2’ ගුවන් සේවයට අයත්, බෝයිං 737 වර්ගයේ මෙම යානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ගුවන්ගත වී, කරච්චි නුවර බලා පියාසර කරමින් තිබියදී අතුරුදන් විය.
යානය රේඩාර්වලින් අතුරුදන් වූයේ පාකිස්තානයට ඔබ්බෙන් මුහුදට ඉහළින් පියාසරමින් තිබියදීය. යානය, මුහුදට කඩා වැටෙන්න ඇතැයි සැක කෙරේ.
යානයේ නියමුවන් ද ඇතුළුව කාර්ය මණ්ඩල සාමාජිකයෝ පස් දෙනෙක් සිටියහ. යානය අතුරුදන් වුණු සැණින් එය සොයා මෙහෙයුම් ආරම්භ කළ බව පාකිස්තාන සිවිල් ගුවන්සේවා අධිකාරිය වැඩි දුරටත් පැවැසීය.

