නිළි හේඩ්න් පැනටියා මියයයි

ජනප්‍රිය ඇමෙරිකන් ටෙලි නිළියක මෙන්ම ගායිකාවක ද ලෙස ප්‍රසිද්ධ හේඩ්න් පැනටියා දිවි ගමනට සමුදුන්නේය. මියයනවිට ඇගේ වයස අවුරුදු 36 කි.
හේඩ්න් පැනටියා ලොව පුරා රසික හදවත් දිනා ගත්තේ ‘හීරෝස්’ නමැති සුපිරි වීරයන්ගෙන් සැදුම්ලත් ටෙලි කතා මාලාවෙනි. ඉන්පසු ‘නෑෂ්විල්’ ටෙලි කතා මාලාවට ද ඇය රංගනයෙන් දායක වූවාය.

