ගොල්ෆ් පිටිය අසල ගැවසුණු සැකකරු පොලිසියේ

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩා කරන කැලිෆෝනියාවේ රැන්චෝ පැලෝස් ගොල්ෆ් ක්‍රීඩා පිටියට අසල ගැවසුණු සැකකටයුතු පුද්ගලයකු පොලිස් අත්අංඩගුවට ගත් බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.
පොලිසියට අනුව, අත්අඩංගුවට ගැණුනේ 38 හැවිරිදි ජීනීන් ජෝන් ටේලේ නමැත්තාය. පොලිසිය පැවැසුවේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, ජීනීන් ජෝන් ටේලේ සතුව තිබී පිස්තෝලයක් සහ උණ්ඩ හමුවුණු බවය.
ට්‍රම්ප්ට අනතුරක් කිරීමේ අරමුණින් ජීනීන් ජෝන් ටේලේ ගොල්ෆ් පිටිය පුරා සැරිසරිමින් ඡායාරූප සහ වීඩියෝ ගනිමින් සිටි බව ද පැවැසෙයි.

