කොංගෝවේ ඉබෝලා මරණ 1,400 පසු කරයි



අප්‍රිකාවේ කොංගෝවේ ඉබෝලා වසංගතය දිනෙන් දින ඔඩුදුවමින් පවතින බවත් ඉබෝලා වයිරසයට බිලිවුණු ගණන 1,405 ක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසීය. වාර්තා වී ඇති ඉබෝලා ආසාදිතයන් ගණන 3,200 කි.

කොංගෝවේ ඉබෝලා වසංගතය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වූයේ පසුගිය මැයි 15 වැනිදාය. කොංගෝවේ මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින්නේ බුණ්ඩිබුක්යෝ නමැති ඉබෝලා ප්‍රභේදයයි.

සාමාන්‍ය ඉබෝලා වයිරසයට ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවා ඇති අතර ඒවා සාර්ථක බව පැවැසෙයි. කෙසේ නමුත්, වේගයෙන් මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන බුණ්ඩිබුක්යෝ වයිරස ප්‍රභේදයට මෙතෙක් කිසිසු ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවා නැත.


RECOMMEND POSTS