ඇමෙරිකා ඉරාන යුද්ධය AI සමාගම් වැඩ පෙන්වයි



ඇමෙරිකා ඉරාන යුද්ධය හමුවේ, යුරෝපා රටවල ආර්ථිකය දෙදරා යද්දී, කෘත්‍රිම බුද්ධිය (AI) සම්බන්ධ තාක්ෂණික සමාගම්වල කොටස් වෙළෙඳපොළ සැලකිය යුතු ලෙස ඉහළ යෑමට පටන්ගෙන ඇත. ඇමෙරිකාව සහ ඊශ්‍රායල ඉරානයට පහර දෙමින් යුද්ධයට අවතීරණ වූයේ පසුගිය පෙබරවාරි 28 වැනිදාය. 

පසුගිය අප්‍රේල් මාසයෙන් පසු යුරෝපීය කොටස් වෙළෙඳපොළ ලැබූ වර්ධනයෙන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් AI ආශ්‍රිත සමාගම්වලින් ලැබී ඇත. විශේෂයෙන්ම චිප් නිෂ්පාදන සමාගම් වන ASML, Infineon සහ STMicroelectronics සමාගම්වල කොටස් සියයට 20ක පමණ වර්ධනයක් පෙන්නුම් කර තිබේ. 

ඊට අමතරව, AI යටිතල පහසුකම් සම්බන්ධ Schneider Electric සහ Prysmian වැනි සමාගම්වල කොටස් ද සියයට 22කින් පමණ ඉහළ ගොස් ඇතැයි පැවැසෙයි. යුරෝපීය තාක්ෂණික කොටස් දර්ශකය 2000 වසරෙන් පසු ඉහළම මට්ටමට පැමිණ ඇති බවද වාර්තා වේ.
 
මනීෂි මංජරී
BBC ඇසුරිනි

 


RECOMMEND POSTS