‘ජී20’ ආර්ථික සමුළුව ඉන්දියාවේදී ඇරැඹෙයි



‘ජී20’ ආර්ථික සමුළුව ඉන්දියාවේ ප්‍රධානත්වයෙන්, එරට බෙංගලූරු නගරයේ ආරම්භ විය. ‘ජී20’ රටවල මුදල් අමාත්‍යවරුන්, ලෝක බැංකු ප්‍රධානීන් ඇතුළු නියෝජිතයන් බොහෝ දෙනකු සමුළුවට සහභාගී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඉන්දීය සන්නිවේදනය අමාත්‍ය අනුරංග් ඨාකූර් සමුළුවට සහභාගී වෙමින් කියා සිටියේ ලෝකයේ යහපත වෙනුවෙන් කිසිදු රටක් යුද්ධයකට සම්බන්ධ නොවිය යුතු බවය.

කිසිම අවස්ථාවක යුද්ධයක් ලෝකයට අවශ්‍ය නොවන බවත්, ප්‍රජාතන්ත්‍රවාදීව, සාකච්ඡා මාර්ගයෙන් සෑම අර්බුදයක්ම, ප්‍රශ්නයක්ම විසඳා ගැනීමට පියවර ගත යුතු යැයි ද ඉන්දීය සන්නිවේදනය අමාත්‍ය අනුරංග් ඨාකූර් පැහැදිලි කළේය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS