කොප්26 සමුළුව අවසන්



සති දෙකක් තිස්සේ පැවැති 'කොප්26' එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිටුදැකීමේ සමුළුව, වාද විවාද මැද නිමාවට පත් වූයේ හරිතාගාර වායු විමෝචනයෙන් සිදුවන පරිසර හානිය අවම කිරීම සඳහා ගල් අගුරු ඇතුළු පොසිල ඉන්ධන භාවිතය කප්පාදු කිරීමට ලෝක නායකයන් අතරේ පොදු එකඟතාවක් ඇති කර ගැනීමෙන් පසුවය.

ගල් අගුරු ඇතුළු පොසිල ඉන්ධන භාවිතය කප්පාදු කිරීමට බලවත් රටවල් බොහොමයක් අදිමදි කළ ද 'කොප්26' සමුළුවේ අවසන් දිනයේ අවසන් පැය කීපයේ දී ඔවුන් ගල් අගුරු භාවිතය කප්පාදුවට කැමැත්ත පළ කළේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 'කොප්26' යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 26 වැනි වරට පැවැත්වුණු දේශගුණික විපර්යාස පිටුදැකීමේ සමුළුවය. සමුළුව පැවැත්වූයේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවරය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS