එන්නත වෙනුවට 8,000 කට සේලයින්



උතුරු ජර්මනියේ, හෙදියක වැඩිහිටියන් 8,000 කට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් වෙනුවට සේලයින් ලබා දී ඇතැයි අනාවරණය වූ බවත්, එම 8,000 නැවතත් එන්නත් ලබා දීම සිදු කරන බවත් බලධාරීහු පවසති.

මෙසේ සේලයින් ලබාදීම සිදු වී ඇත්තේ ෆ්‍රිස්ලන්ඩ් එන්නත්කරණ මධ්‍යස්ථානයේදීය. ඒ, පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවල 70 ට වැඩි වැඩිහිටියන්ට එන්නත් ලබා දෙද්දීය.

පරීක්ෂණ ආරම්භ වූයේ හය දෙනකුට පමණක් සේලයින් ලබා දීම සිදුවුණු බවට පැමිණිලි ලැබීමෙන් බවත්, සේලයින් ලබා දී ඇති ගණන 8,000 ක් බවත් වැඩිදුර පරීක්ෂණවලදී පොලිසියට අනාවරණය වී තිබේ.

(බීබීසී)


RECOMMEND POSTS