කැනඩා අගමැතිට ප්‍රහාරයක්



ඔන්ටාරියේ නගරයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නියැලී සිටි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ට ගල් ප්‍රහාරයක් එල්ල විය. ගල් ප්‍රහාරයෙන් අග්‍රාමාත්‍යවරයාට හෝ වෙන කිසිවකුට හෝ අනතුරක් සිදුවූයේ නැත.

කැනඩා මහ මැතිවරණය ලබන 20 වැනිදා පැවැත්වෙයි. ඒ නිමිත්තෙන් අග්‍රාමාත්‍ය ටෘඩෝ රට වටා සංචාරය කරමින් මැතිවරණ කටයුතුවල නියැලෙයි. ඔහුට ගල් ප්‍රහාරය එල්ල වූ බව පැවැසෙන්නේ මැතිවරණ රැලියක් අවසානයේ ඔහුගේ ප්‍රචාරක බස් රථය වෙත ආපසු යද්දී යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

2016 වසරේ මැතිවරණයේ දී ද ටෘඩෝට ප්‍රහාරයක් එල්ලවිය. එම ප්‍රහාරය එල්ල කළේ කාන්තාවකි. කාන්තාව ටෘඩෝ වෙත විසි කළේ වට්ටක්කා ඇට යැයි මාධ්‍ය වාර්තා සිහිපත් කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS