මිල්කා සිං කොවිඩ්වලින් මරුට



කොවිඩ් -19 වයිරසය වැළඳී දින 30 කට පසුව “Flying Sikh” ලෙස විරුදාවලි ලැබූ 91 හැවිරිදි මිල්කා සිං අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මිල්කා සිං අවසන් සුසුම් හෙළුවේ ඔහුගේ බිරිඳ  85 හැවිරිදි නිර්මාල් මිල්කා සිංගේ අභාවයෙන් දින පහකට පසුව යැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සදහන් කර තිබේ.

1958 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශූරයා සහ 1956, 1960 සහ 1964 ඔලිම්පික් උළෙලේ ක්‍රීඩකයෙක් වූ මිල්කා සිං, කොවිඩ් ආසාදිතයකු බහ තහවුරු වූයේ මැයි 20 වැනිදාය.

රෝගී තත්ත්වය උත්සන්න වූ බැවින්, ඔහු මැයි 24 වන දින මොහාලිහී පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබීය.

ඔක්සිජන් මට්ටම පහත වැටීම හේතුවෙන් ජුනි 3 වන දින ඔහු නේරු රෝහල් කොවිඩ් වාට්ටුවට ඇතුළත් කෙරුණි. පසුගිය බ්‍රහස්පතින්දා (17) ඔහු කෝවිඩ් දැඩි සත්කාර ඒකකයේ සිට වෛද්‍ය දැඩි සත්කාර ඒකකයට මාරු කරනු ලැබුණි.

ඉන්දියාව වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක රන් පදක්කමක් දිනු ප්‍රථම ක්‍රීඩකයා ද මිල්කා සිං. ඒ යාර 440 ඉසව්වටය. ධාවන ශූරයකු ලෙස මිල්කා සිං ලැබූ ජයග්‍රහණ සහ අභියෝග පාදක කර ගනිමින්, බොලිවුඩ් සිනමා පටයක් ද නිර්මාණය වී තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS